1987 අංක 15 දරණ ප්රාදේශීය සභා පනතේ 134 වන වගන්තියේ 131 වන උප වගන්තියේ ප්රාදේශීය සභාව වෙත පැවරී ඇති බලතල ප්රකාරව නියාගම ප්රාදේශීය සභා බල ප්රදේශය තුල පිහිටි ඉහත කී පනතේ 135 වන වගන්තියේ අක්කර බද්දෙන් නිදහස් කර නොමැති, ස්ථිර හෝ නිතිපතා ගොවිතැනක් යටතේ වූ ඉඩම් සඳහා අක්කර බදු ගෙවිය යුතුය.
හෙක්ටාර පහක් හෝ ඊට වැඩි සෑම ඉඩමක් සඳහාම පලමු හෙක්ටාර 05 සඳහා රු.50.00 බැගින් වාර්ෂික අක්කර බද්දක් පනවා අය කරනු ලැබේ.
එම අක්කර බදු මුදල මාර්තු 31, ජුනි 30, සැප්තැම්බර් 30 හා දෙසැම්බර් 31 යන දින වලින් අවසන් වන සෑම කාර්තුවක් තුලදී සමාන වාරික හතරකින් නියාගම ප්රාදේශිය සභාවට ගෙවිය හැකිය.