රජයේ බැංකුවක් මගින් හෝ පෞද්ගලික බැංකුවක් මගින් ණය පහසුකමක් ලබා ගැනීමේදී බැංකුව විසින් ඇපයට තබාගැනීමට අදහස් කරන නිශ්චල දේපලක (ඉඩමක) ස්ථානීය ලිපිනය සනාථ කර ගැනීම සඳහා මෙම සහතිකය ලබා ගැනීම අනිවාර්ය වේ.
මෙම සහතිකය ලබා ගැනීම සඳහා පහත සඳහන් ලියවිලි රැගෙන ආ යුතු වේ.
- ඔප්පුවේ පිටපත් 01
- පිඹුරුපතේ පිටපත් 01
- සම්පූර්ණ කරන ලද අයදුම්පත
- රු.300.00 ක සේවා ගාස්තුව.