1987 අංක 15 දරණ ප්රාදේශීය සභා පනතේ 150 වැනි වගන්තියේ II උප වගන්තියෙන් පැවරී ඇති බලතල ප්රකාරව වාර්ෂිකව ගැසට් නිවේදනය මගින් දන්වනු ලබන එක් එක් කර්මාන්ත සඳහා ඒ ආයතනවල වාර්ෂික වටිනාකමට අනුරූපව යම් බදු මුදලක් නියාගම ප්රාදේශීය සභාවට ගෙවිය යුතුය.
එක් එක් වර්ෂය තුල දී අයත් වන කර්මාන්ත වාර්ෂිකව ගැසට් කරනු ලබයි. 2021 වර්ෂයට අදාලව කර්මාන්ත බදු ගෙවිය යුතු කර්මාන්ත 77 ක් හදුනාගෙන ඇත.
අදාල වාර්ෂික වටිනාකම හා අනුරූප වන ගණන් වාර්ෂිකව ගැසට් නිවේදනයක් මගින් ප්රකාශයට පත් කරනු ලැබේ.
අදාල අයදුම් පත්රය භාගත කිරීමෙන් හෝ සභාවේ ආදායම් පරීක්ෂක වෙතින් ලබාගෙන සභාවට භාර දී නියමිත ගාස්තු ගෙවිය යුතුය.