ඉඩම් අනුබෙදුම් අනුමත කරවා ගැනීම
ඉඩම් අනුබෙදුම් අනුමත කිරීමේ සේවාවට අදාළ නීතිමය පසුබිම
- ඉඩම් කමිටු සැලැස්ම අනුමත වී තිබීම.
- අනුබෙදුම් රෙගුලාසි අනුව කොටස් කර තිබීම.
- ප්‍රමාණවත් මාර්ග අවශ්‍යතා පැවතීම.
- විධිමත් ජල අඅපහරණ රටාවක් පැවතීම.
- රථවාහන හැරවීමේ පහසුකම් සපුරාලීම.
- අනුමැතියට අවශ්‍ය බිම් ප්‍රමාණය පවත්වා ගැනීම.
සේවාලාභියා සම්පූර්ණ කල යුතු අවශ්‍යතා / ඇමිණිය යුතු ලේඛණ
- පැරණි සම්පූර්ණ කරන ලද අයදුම්පත. (ලබාදී ඇති උපදෙස් පරිදි)
- වසර 10කට නොඅඩු මිනින්දෝරු සැලැස්මේ මුල් පිටපත.
- එහි සහතික කරන ලද ඡායා පිටපත.
- ඔප්පුවේ සහතික කල පිටපත.
- පැරණි පිඹුරේ පිටපත.
- පැරණි ඉඩම් සැලැස්ම අනුමතනම් එහි ඡායා පිටපත.
- නිවාස සැලැස්ම
පිඹුරුපත අනුමත කරවා ගැනීම.
පිඹුරුපත අනුමත කරවා ගැනීම සඳහා,
- ඔප්පුවේ පිටපත් 02ක්,
- පිඹුරුපතේ පිටපත් 02
- පිඹුරුපතේ මුල් පිටපත
- සම්පූර්ණ කරන ලද අයදුම්පත (රු.25.00 ක සේවා ගාස්තුවක් ගෙවීමෙන් පසු ලබා ගත යුතුය) (එය මිනින්දෝරු මහතා විසින් සහතික කළ යුතුය)
- ඉඩමේ ප්‍රමාණය අනුව පෙරසැරි ගාස්තු ගෙවීම් කළ යුතුය.
- NBRO/LAD අයදුම්පත (රු.25.00 ක සේවා ගාස්තුවක් ගෙවීමෙන් පසු ලබා ගත යුතුය)
- NBRO පරීක්ෂණ ගාස්තුව ඉඩමේ ප්‍රමාණය අනුව ගෙවීම් කළ යුතුය.
ගොඩනැගිලි අයදුම්පත අනුමත කරවා ගැනීම
- මේ සඳහා ගොඩනැගිලි අයදුම්පත රු.300.00 ක සේවා ගාස්තුවක් ගෙවීමෙන් පසුව ලබා ගත යුතුය.
- නිවාස ප්ලෑන් පිටපත් 04
- ඔප්පුවේ පිටපත් 04
- පිඹුරුපතේ පිටපත් 02
- ඉඩමේ ප්‍රමාණය අනුව පෙරසැරි ගාස්තු ගෙවීම් කළ යුතුය.
- NBRO/LAB අයදුම්පත (රු.25.00 ක සේවා ගාස්තුවක් ගෙවීමෙන් පසු ලබා ගත යුතුය)
- NBRO පරීක්ෂණ ගාස්තුව ඉඩමේ ප්‍රමාණය අනුව ගෙවීම් කළ යුතුය.
ගොඩනැගිලි අයදුම්පතක අනුමත සැලසුමක පිටපත් ලබා ගැනීම.
එකී සේවාවට අදාළ නීතිමය පසුබිම
පනතේ ප්රතිපාදනයක් නොමැති අතර මානුෂීය අවශ්‍යතා මත ඉල්ලුම්කරුගේ අවශ්‍යතාවයට අනුව මානුෂීය අවශ්‍යතාවයක් සේ සලකා සභාව සතු ලිපි ගොනු මඟින් තහවුරු කරගත් පසු එමඟින් ලබාගත් පිටපතක් සහතික කර ලබා දීම.
සේවාලාභියා සම්පූර්ණ කල යුතු අවශ්‍යතා / ඇමිණිය යුතු ලේඛණ :- ඉල්ලීමේ ලිපිය.