නියාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය හා එක්ව බල ප්‍රදේශයේ ඩෙංගු මර්ධන කටයුතු හා කොවිඩ් – 19 පැතිරීමේ අවධානම් කලාප සඳහා ධුමායන හා විෂබීජ හරණ වැඩසටහන් සිදු කරයි.
ග්‍රාමනිළධාරී වසම් 34කින් සමන්විත නියාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වැඩි අවධානම් කලාප ලෙස හඳුනාගත් ප්‍රදේශවලට ධුමායන කටයුතු සිදු කරනු ලබයි. අවශ්‍ය ද්‍රව්‍ය නියාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය මගින් ලබා දෙනු ලබන අතර, අනෙකුත් පහසුකම් නියාගම ප්‍රාදේශිය සභාව මගින් සපයනු ලබයි.