- සේවාවට අදාළ නීතිමය පසුබිම (පනතේ ප්‍රතිපාදන) :-
2022 ජනවාරි 27 දින අංක 2264/18 දරණ ගැසට් නිවේදනයේ පරිදි “ඇ” කොටසට අදාල ක්‍රියාකාරකම් 39 ක් සඳහා පලාත් පාලන ආයතන මගින් පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමට බලය පවරා ඇත.
වැඩ පියවර විස්තරය | සම්පූර්ණ කිරීමට ගතවන කාලය දින |
පරිසර ආරකෂණ බලපත්‍ර අයදුම් කිරීම. | 04 |
පරීක්ෂණය පැවැත්වීමේ ක්‍රියාවලිය | 10 |
තාක්ෂණික සමාලෝචන ක්‍රියාවලිය | 01 |
අයදුම්පත අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප නිකුත් කිරීම | 05 |
එකතුව (සම්පූර්ණ කාලය) | 20 |
සේවාලාභියා සම්පූර්ණ කල යුතු අවශ්‍යතා / ඇමිණිය යුතු ලේඛණ
- අදාල අයදුම්පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර ඉදිරිපත් කිරීම.
- කර්මාන්තය පවත්වාගෙන යනු ලබන ඉඩමෙහි සැලැස්ම හා ඔප්පුව.
- කර්මාන්තය සඳහා ලබාගත් අනුකූලතා සහතිකය / වෙළඳ බලපත්‍රය.
- ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය.
- වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත් ලිපිය.
- භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යංශයෙන් අනුමැතිය ලබාගත් ලිපිය.
අප සභාව විසින් පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කරනු ලබන කර්මාන්ත.
- සේවක සංඛ්‍යාව 10 ක් හෝ ඊට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින ඉටිපන්දම් නිෂ්පාදන කර්මන්ත.
- සේවක සංඛ්‍යව 5 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින බතික් කර්මාන්ත.
- සේවක සංඛ්‍යව 5 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින වාණිජ මට්ටමේ රෙදි සෝදන ස්ථාන (ලොන්ඩ්‍රි).
- රෙදි වියන මැෂින් 10 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සහිත අත් යන්ත්‍ර පෙහෙකම්හල් හෝ ගෙතීමේ හෝ එම්බ්‍රොයිඩර් කිරීමේ කර්මාන්ත.
- දිනකට ලීටර් 200 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ පොල් තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත.
- පොල් තෙල් සහ ආයුර්වේද තෙල් නිස්සාරණය කිරිමේ කර්මාන්ත හැර දිනකට ලීටර් 10 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ ශාක තෙල් නිස්සාරණය කිරිමේ කර්මාන්ත.
- දිනකට ලීටර් 100 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත මධ්‍යසාරමය නොවන බීම වර්ග නිෂ්පාදනය කිරිමේ හෝ බෝතල් ගත කිරිමේ කර්මාන්ත.
- දිනකට කිලෝග්‍රෑම් 500 ක් හෝ ඊට වැඩි නිෂ්පාදන ධාරිතාවක් සහිත වියළි සැකසුම් ක්‍රියාවලි සහිත වි මෝල්.
- මසකට කිලෝග්‍රෑම් 1000 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත ඇඹරුම්හල්.
- සේවක සංඛ්‍යාව 10 හෝ ඊට වැඩි සහ 25 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින දුම්කොළ වියළීමේ කර්මාන්ත හෝ දුම් වැටි හෝ දුම්කොළ ආශ්රිත වෙනත් නිෂ්පාදන කර්මාන්ත.
- එක් තොගයකට කිලෝග්‍රෑම් 250 හෝ ඊට වැඩි යෙදවුම් ධාරිතාවක් සහිත සල්ෆර් දුම් ගැසීම සහිත කුරුඳු දුම් ගැසීමේ කර්මාන්ත.
- සේවක සංක්‍යාව 5ට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාරයට ගන්නා ලුණු ඇසුරුම් කිරීමේ සහ සැකසුම් කිරීමේ කර්මාන්ත.
- සේවක සංක්‍යාව 5ට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින වාණිජමය තේ මිශ්‍ර කිරීමේ / මුහවම් කිරීමේ කර්මාන්ත.
- සේවක සංක්‍යාව 5ට වැඩි සහ 10 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර නිෂ්පාදනය කිරීමේ හෝ සකස් කිරිමේ කර්මාන්ත.
- දිනකට පිටි කිලෝග්‍රෑම් 250ට අඩු ප්‍රමාණයක යෙදවුම් ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ බේකරි සහ රස කැවිලි නිෂ්පාදන කර්මාන්ත.
- ඕනෑම අවස්ථාවක වැඩුණු පක්ෂීන් 100 ක් හෝ ඊට වැඩි සහ 500 ට අඩු සංඛ්‍යාවක් සිටින කුකුළු ගණයේ පක්ෂී ගොවිපලවල්.
- ඕනෑම අවස්ථාවක වැඩුණු සතුන් 05 ක හෝ ඊට වැඩි සහ 10 ට අඩු සංඛ්‍යාවක් සිටින ඌරු හෝ ගව ගොවිපලවල්.
- ඕනෑම අවස්ථාවක වැඩුණු සතුන් 25 ක් හෝ ඊට වැඩි සහ 50 ට අඩු සංඛ්‍යාවක් සිටින එළු ගොවිපලවල්.
- වැඩුණු සතුන් මුළු එකතුව 100 ක් හෝ ඊට වැඩි සහ 500 ට අඩු සංඛ්‍යාවක් සිටින මිශ්‍ර ගොවිපලවල්. * මිශ්‍ර ගොවිපලවල් සඳහා අනුපාතය = පක්ෂීන් සංඛ්‍යාව +[50x(ඌරන් සංඛ්‍යාව +ගවයින් සංඛ්‍යාව)+10x(එළුවන් සංඛ්‍යාව)]
- ගබඩා ධාරිතාවය ඝන මීටර් 100 ක් හෝ ඊට වැඩි පළතුරු හෝ එළවලු හෝ මාංශ හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය ගබඩා කරන ස්ථාන.
- කොන්ක්‍රීට් පෙරසවි කර්මාන්ත.
- යන්ත්රානූසාරියෙන් සිමෙන්ති බ්ලොක් ගල් නිෂ්පාදනය කිරිමේ කර්මාන්ත.
- දිනකට නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් 20 ට අඩු ප්‍රමාණයක් සහිත හුණු පෝරණු.
- සේවක සංඛ්‍යාව 5 කට වැඩි ප්‍රමාණයක් සේවයේ නියුක්තව සිටින ‘ප්ලාස්ටර් ඔෆ් පැරිස්‘ අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගන්නා ඕනෑම කර්මාන්තයක්.
- බෙලිකටු කැබලි කිරීමේ / පතුරු කිරීමේ කර්මාන්ත.
- උළු සහ ගඩෛාල් පෝරණු.
- වීදුරු ද්‍රව කිරීමේ ක්‍රියාවලිය රහිතව වීදුරු භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත.
- කළු ගල් කැපීමේ සහ ඔප දැමීමේ කර්මාන්ත.
- පුපුරණ දුව්‍ය භාවිතා කර එක් බෝර වලක් බැගින් පුපුරවමින් සිදු කරනු ලබන ශිල්පීය කැණීමේ කටයුතු.
- දිනකට ඝන මිටර් 25 ට අඩු ඉරුම් ධාරිතාවක් සහිත ලී මෝල් හෝ සේවක සංඛ්‍යාව 05 ට හෝ ඊට වැඩි සහ 10 කට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින දැව ආශ්රිත කර්මාන්ත.
- දැව පදම් කිරීම සඳහා බෝරෝන් පිරියම් ක්‍රමය භාවිතා කරන කර්මාන්ත.
- බහු කාර්ය වඩු කාර්මික යන්ත්‍ර භාවිතා කරන වඩු කර්මාන්ත.
- සේවක සංඛ්‍යාව 05ක් හෝ ඊට වැඩි සහ 10ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින නේවාසික පහසුකම් රහිත හෝටල් හෝ අවන්හල් හෝ උත්සව ශාලා හෝ සේවක සංඛ්‍යාව 10 ක් හෝ ඊට වැඩි සහ 20 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර පිළියෙල කිරීමේ ස්ථාන හෝ ආහාර සැපයීමේ සේවා.
- පදිංචි සංඛ්‍යාව දිනකට 25ක් හෝ ඊට වැඩි සහ 100 ට අඩු පුද්ලයන් ප්‍රමාණයක් සිටින නේවාසිකාගාර හෝ එවැනි ලැගුම්හල්.
- විසිරි පින්තාරු කිරීම් හෝ වාහන වායු සමිකරණ යන්ත්‍ර අලුත්වැඩියා කිරීම්, නඩත්තු කිරීම් හෝ සවි කිරීම් සිදු නොකරන වාහන අලුත්වැඩියා කිරිමේ හෝ නඩත්තු කිරිමේ කටයුතු සිදු කරන ගරාජ.
- වාහන සේවා සිදු නොකරන බහාලුම් (කන්ටේනර්) පර්යන්ත.
- ඊයම් උණු කිරීම ඇතුළත් නොවන මුද්‍රණාල සහ අකුරු මුද්‍රණය කිරීමේ යන්ත්‍ර.
- මෘත ශරීර කල් තබා ගැනීමට සකස් කිරීම සහිත මල් ශාලා.
- මෙම උප ලේඛණයේ ‘ඈ‘ කොටසේ ඇතුලත් නොවන එක් වැඩ මුරයකට සේවක සංඛ්‍යාව 10 හෝ ඊට වැඩි සහ 50 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ඕනෑම ක්‍රියාකාරකමක් / කර්මාන්තයක්.