ජාත්‍යන්තර ලෝක ළමා දිනය නිමිත්තෙන් නියාගම ප්‍රාදේශීය සභාව මගින් බල ප්‍රදේශයේ සියලුම පෙර පාසල් ළමුන් වෙනුවෙන් පිදෙන සෙනෙහෙබර සත්කාරයකි පුංචි සිතක සේයා ලෝක ළමා දින උත්සවය.
2012 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම වැඩසටහන බල ප්‍රදේශයේ විවිධ ආයතන හා ලංකාවේ ප්‍රසිද්ධ අනුග්‍රාහක භවතුන්ගේ දායකත්වයෙන් වාර්ෂිකව අඛණ්ඩව උත්කර්ෂවත් ආකාරයෙන් පවත්වාගෙන යනු ලබයි.
නියාගම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 34 ක පවත්වාගෙන යනු ලබන සියලුම පෙර පාසල් දරු දැරියන් බුද්ධිමත්, සෞඛ්‍ය සම්පන්න දක්ෂතා වලින් පිරි ගුණ ගරුක දරු කැලක් බවට පත් කිරිමේ නියාගම ප්‍රාදේශීය සභාවේ යුතුකමක් හා වගකීමක් වන්නේය. ඒ වෙනුවෙන් සිදු කරනු ලබන මග පෙන්වීමක් වශයෙන් නියාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පවත්වාගෙන යනු ලබන සියලුම පෙර පාසල් දරු දැරියන් ඉලක්ක කර පුංචි සිතක සේයා ලෝක ළමා දින උත්සවය අති උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වීමට බලාපොරොත්තු වේ.
එසේම බල ප්‍රදේශයේ පාසල්වල ප්‍රාථමික, කණිෂ්ඨ හා ජේ්‍යෂ්ඨ අංශ යටතේ ගායනා හැකියාව ඇති ළමුන් තෝරාගෙන ප්‍රසිද්ධ මාධ්‍ය අනුග්‍රහය යටතේ පවත්වයි. සජීවී ළමා ගී ප්‍රසංගයක ගීත ගායනය සඳහා අවස්ථාව ලබා දෙන අතර, පෙර පාසල් අතුරින් තෝරාගන්නා, ළමුන් කිහිප දෙනෙකුටද මෙම ප්‍රසංගයේ ගීත ගායනායට අවස්ථාව ලබාදේ.
වැඩ සටහන් විස්තරය
- විනෝද ක්‍රියාකාරකම්
- චිත්‍ර තරඟය
- විවිධ ප්‍රසංගය
- ත්‍යාග ප්‍රධානය
- ළමා සංගී.ත ප්‍රසංගය
පුංචි සිතක සේයා – 2012
පුංචි සිතක සේයා – 2014
පුංචි සිතක සේයා – 2015
පුංචි සිතක සේයා – 2018
පුංචි සිතක සේයා – 2019