ලේකම් – ඩබ්.කේ.කේ. චාමර
නවීන තාක්ෂණය සමඟ අනුගතව බල ප්රදේශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂමව සේවාවන් ලබා දීමට මෙම වෙබ් අඩවිය පහසුවක් වනු ඇත. මෙමගින් පහත සඳහන් සේවාවන් ලබා ගත හැකි බව සිහිපත් කරමි.
- නියාගම ප්රාදේශීය සභාව මගින් නිකුත් කරන නිවේදන දැන්වීම් අප්රමාදව ලබා ගැනීම.
- 2016 අංක 12 දරණ තොරතුරු පනතට අදාල අයදුම්පත්ර භාගත කර ගැනීම හා කඩිනමින් තොරතුරු සඳහා ප්රවේශ වීමට හැකි වීම.
- විවිධ අයදුම්පත් හා ආකෘති පත්ර භාගත කර ගැනීමට හැකි වීම.
- සභාවේ ප්රසම්පාදන දැන්වීම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම.
- අලුත් වැඩියා කළ යුතු වීථි පහන් සම්බන්ධ තොරතුරු වාර්තා කළ හැකි වීම.
- මහජනතාව කාර්යාලයට පැමිණීම අවම කිරීම මගින් ඔවුන්ට පහසුව සැලසීමත් ජනතාව වෙනුවෙන් වඩා කාර්යක්ෂම සේවාවන් ලබා දීමටත්, විනිවිද භාවයෙන් සේවාවන් පවත්වාගෙන යමින් වඩා යහපත් ගුණාංග වලින් සමන්විත රාජ්ය සේවයක් නියාගම ප්රාදේශීය සභා බල ප්රදේශයේ ජනතාව වෙත තිළිණ කිරීමටත්, නියාගම ප්රාදේශිය සභාව කැපවීමෙන් තටයුතු කරනු ඇත.