1987 අංක 18 දරණ ප්රාදේශීය සභා පනතේ පැවරී ඇති බලතල ප්රකාරව නියාගම ප්රාදේශීය සභා බල ප්රදේශයේ වරිපනම් සීමාවේ පිහිටි සියලුම නිවාස, ගොඩනැගිලිවල, ඉඩම්වල හා ගෙපත්වල පවතින වාර්ෂික වටිනාකමෙන් 8% ක ප්රමානයක් වාර්ෂික වරිපනම් බදු ලෙස අය කරනු ලබයි.
එම වරිපනම් බද්ධ මාර්තු 31, ජුනි 30, සැප්තැම්බර් 30 හා දෙසැම්බර් 31 යන දිනවලින් අවසන් වන සෑම කාර්තුවක් තුලදීම සමාන වාරික හතරකින් ප්රාදේශීය සභා කාර්යාලයට ගෙවිය යුතුය.
වර්ෂය සඳහා වන මුළු වරිපනම් මුදල ජනවාරි 31 දිනට පෙර ගෙවයි නම් 10 % ක වට්ටමක් ද, ඒ ඒ කාර්තුවට අදාල මුදල එම කාර්තුවේ මුල් මාසය තුලදී ගෙවයි නම්, 5% ක වට්ටමක් ද ගෙවනු ලැබේ.
වරිපනම් හිමියන්ට ඉදිරි වර්ෂයේ වරිපනම් ගෙවිය යුතු බවට නිවේදන පෙර වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට ප්රථම සභාව මගින් දැනුම් දෙනු ලබයි.