1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත මගින් සභාවට ඇති බලතල ප්‍රකාරව එකී පනතේ හෝ ඒ යටතේ සාදන ලද යම් අතුරු ව්‍යවස්ථාවක විධිවිධාන යටතේ බලපත්‍රයක් ලබා ගැනීම හෝ එකී පනතේ 150 වැනි වගන්තිය යටතේ යම් කර්මාන්ත බද්ධක් ගෙවීම අවශ්‍ය නොවන්නා වූද, වෘත්තීන් නොවන්නා වූ ද, කිසියම් ව්‍යාපාරයක් නියාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුලත පවත්වාගෙන යනු ලබන්නේ නම්, එකී ව්‍යාපාරයේ ඊට පෙර වර්ෂයේ ලැබීම් වලට අවශ්‍ය වන ගණන් නියාගම ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතුය.
- අදාල වාර්ෂික වටිනාකම් හා අනුරූප වන ගණන් වාර්ෂිකව ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.