1946 අංක 12 දරණ විනෝද බදු ආඥා පනතේ දෙවන වගන්තියේ (1) වන උප වගන්තියේ පැවරි ඇති බලතල ප්රකාරව නියාගම ප්රාදේශීය සභාවේ පරිපාලන සීමා ඇතුලත ප්රදේශයෙහි පවත්වනු ලබන එකී, ආඥා පනතේ විස්තර කර ඇති යම් විනෝද කටයුත්තකට (අදාල විනෝද කටයුත්ත) එකී ආදායමෙන් සියයට (10%) ට සමාන මුදලක් බද්ධක් වශයෙන් පනවා අයකරනු ලැබේ.
මෙම බද්ධ 2018.12.01 දින සිට ක්රියාත්මක වන අතර, එම බද්ධ එකී විනෝද කාර්යය පවත්වන දිනට පෙර අදාල සංවිධානය හෝ සංවිධායක වරුන් විසින් නිසි ලෙස නියාගම ප්රාදේශීය සභාවට පැමිණ ඉල්ලීමේ ලිපියක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියමිත ගාස්තුව ගෙවිය යුතුය.(උදා:- සංගීත ප්රසංග, විනෝද සැණකෙලි)