1935 වර්ෂයේ වැයිහේන පිටිගල ගම් කාර් ය සභාව ලෙස ආරම්භ වී 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතෙන් අනතුරුව 1991 වර්ෂයේ දී, නියාගම ප්‍රාදේශීය සභාව පිහිටුවන ලදී. එහි නියෝජිත සංඛ්‍යාව 09 ක් විය.
එම පැවති නියෝජිත සංඛ්‍යාව 2017.11.02. දිනැති අංක 2043/56 දරන අති විශේෂ ගැසට් පත්‍රය අනුව, 1987 මැයි 12 දිනැති අංක 453/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් නියමයන් පහත පරිදි සංශෝධනය විය. ඒ අනුව,
1987 අංක 15 දරන ප්‍රාදේශිය සභා පනතේ 4 වන වගන්තියේ (1)වන උප වගන්තියේ (අ) ඡේදය ප්‍රකාර, තෝරා පත්කර ගතයුතු සභිකයින් දස දෙනෙකුගෙන් ද,
1987 අංක 15 දරන ප්‍රාදේශිය සභා පනතේ 4 වන වගන්තියේ (1)වන උප වගන්තියේ (ආ) ඡේදය ප්‍රකාර, තෝරා පත්කර ගනු ලැබිය යුතු සහ තෝරා යැවිය යුතු සභිකයින් හය දෙනෙකුගෙන්ද,
1987 අංක 15 දරන ප්‍රාදේශිය සභා පනතේ 4 වන වගන්තියේ (1)වන උප වගන්තියේ (ඇ) ඡේදය ප්‍රකාර (262 වන අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥපනතේ 65ආ වගන්තියේ (4) වන උපවගන්තියේ (අ) ජේදය යටතේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිශ්චය කරනු ලබන සභික සංඛ්‍යාවකින් ද සමන්විය යුතු බව ලෙස සංශෝධනය වී ඇත.
පිටිගල වැයිහේන ගම් සභාවේ හිටපු ගරු සභපති කේ.එම්.ජී. ප්‍රැන්සිස් මැතිතුමා
ධූර කාලය 1935 – 1953 දක්වා
පිටිගල වැයිහේන ගම් සභාවේ හිටපු ගරු සභාපති ඩී.එන්. අතුකෝරළ මැතිතුමා
ධූර කාලය 1954 – 1969 දක්වා ගම් සභා නියෝජිත
1969 – 1977 දක්වා ගරු සභාපති
පෝද්දිවල නියාගම ගම් සභාවේ හිටපු ගරු සභාපති කේ. පතිනායක මැතිතුමා
ධූර කාලය 1968 – 1973 දක්වා
පෝද්දිවල නියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු සභාපති සුනිල් ප්‍රනාන්දු මැතිතුමා
ධූර කාලය 1992 – 1995 දක්වා සහ 2001 – 2006 දක්වා
පෝද්දිවල නියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු උප සභාපති දොන් විජයානන්ද පතිරගේ මැතිතුමා
ධූර කාලය 1992 – 1996
පෝද්දිවල නියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු සභාපති චම්ලි විතානාච්චි මැතිතුමා
ධූර කාලය 1991 – 1996 ගරු මන්ත්‍රී
1996 – 2001 දක්වා ගරු සභාපති
පෝද්දිවල නියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු සභාපති සම්පත් අතුකෝරළ මැතිතුමා
ධූර කාලය 2001 – 2006 ගරු උප සභාපති
2006 සිට 2009 දක්වා ගරු සභාපති
පෝද්දිවල නියාගම ප්‍රාදේශීය සභාවේ වර්තමාන ගරු සභාපති ප්‍රසාද් වීරක්කොඩි මැතිතුමා
ධූර කාලය 2006 – 2009 දක්වා ගරු උප සභාපති ලෙස
2009 – 2011 දක්වා ගරු සභාපති ලෙස
2011 – 2015 දක්වා ගරු සභාපති ලෙස
2018 – 2023 මාර්තු මස 19 වන දා දක්වා ගරු සභාපති ලෙස
පෝද්දිවල නියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු උප සභාපති චරිත් අසේල මනෝරත්න මැතිතුමා
ධූර කාලය 2006 – 2011 දක්වා ගරු මන්ත්‍රී
2011 – 2015 ගරු උප සභාපති
පෝද්දිවල නියාගම ප්‍රාදේශීය සභාවේ වර්තමාන ගරු උප සභාපති චන්දන කාරියවසම් මැතිතුමා
ධූර කාලය 2008 සිට 2009 දක්වා ගරු උප සභාපති
2009 – 2015 දක්වා ගරු මන්ත්‍රී
2018 – 2023 මාර්තු මස 19 වන දා දක්වා ගරු උප සභාපති ලෙස