ප්‍රාදේශීය සභාවේ පිහිටීම
නියාගම ප්‍රාදේශීය සභාව දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම මැතිවරණ කොට්ඨාශයේ පිහිටා ඇත. දකුණු මුහුදු වෙරළ තීරයේ සිට කිලෝමීටර් 22 ක් පමණ නැගෙනහිරට දිශානතව පිහිටා ඇත. අක්ෂාංශ දේශාංශ පිහිටීම අනුව නැගෙනහිර දේශාංශ 80010’ හා 80018’ අතරද උතුරු අක්ෂාංශ 06015′ හා 06022’ අතරද පිහිටා ඇත.
නැගෙනහිරින් තවලම ප්‍රාදේශීය සභාවෙන්ද, බටහිරින් හා වයඹින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවෙන්ද, උතුරින් කළුතර දිස්ත්‍රික් මායිමෙන්ද, දකුණින් වැලිවිටය දිවිතුර හා නාගොඩ ප්‍රාදේශීය සභාවෙන්ද නියාගම ප්‍රාදේශීය සභාව මායිම් වී ඇත.
වර්ග කිලෝමීර 110 කින් හා ග්‍රාම නිළධාරී වසම් 34 කින් සමන්විත වේ. නිරිත දිග මෝසම් සුළඟින් වර්ෂාපතනය ලැබෙන අතර, මිලිමීටර 3000 ද ඉක්මවන වර්ෂාපතනයක් ලැබේ. ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්නත්ව 25C0 කි.
නියාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හා නියාගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය එක සමාන වපසරියකින් යුක්තය.
සභාවේ සංවිධාන පසුබිම
ගරු සභාපති, ගරු නියෝජ්‍ය සභාපති ඇතුළු සභික ධුර 0 කින් යුතු වේ.
සෑම මසකම 03 වන අඟහරුවාදා හෝ එදින රජයේ නිවාඩු දිනයක් නම්, ඊට පසුව යෙදෙන ආසන්නතම වැඩ කරන දිනයක මාසික සභාව රැස්වේ.
අඟහරුවාදා දින පෙ.ව. 10.00 ට මීලඟ මහ සභා රැස්වීම පැවැත්වේ.